අප ගැන

ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රම තුළින් සැමට යහපත් සෞඛ්‍යයක් ලබා ගැනීමට උපකාර කිරීම අප බලාපොරොත්තු වෙමු. ආයුර්වේද සහ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම සංරක්ෂණය කිරීම, සංවර්ධනය කිරීම සහ සැමට යහපත් සෞඛ්‍යයක් ඇති කිරීම සඳහා ඒ පිළිබද ලිපි මගින් දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමු.

ආයුර්වේද සහ පාරම්පරික වෙදකම පිළිබද ගුණාත්මක දැනුමක් ලබාදීම, අනාගත පරපුර සඳහා දේශීය හා පාරම්පරික වෛද්‍ය ක්‍රම ආරක්ෂා කිරීම සහ ඒ ගැන දැනුවත් කිරීම, මේ පිළිබද තොරතුරු දන්නා හා ලිපි පල කිරීමට කැමැත්ත ඇති අයට අවස්ථාවක් ලබා දීම, අපගේ අරමුණු වේ.

නූතන තාක්ෂණික ලෝකය තුළ, ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ කඩදාසි ද්‍රව්‍ය මත සටහන් තබා ගැනීම කාර්යක්ෂම ක්‍රමයක් නොවේ. එම නිසා හෙළ අත් ඔසු කණ්ඩායම සිය ෆේස්බුක් පිටුව ආරම්භ කළ අතර දැන් තොරතුරු හා පණිවිඩ පුළුල් කිරීමට අපේක්ෂාවෙන් වෙබ් පිටුවට ගොස් ඇත. දැන් අපගේ සේවාව සමඟ වැඩි පිරිසකට පණිවිඩය ලබා දීම සඳහා හෙළ අත් ඔසු වෙබ් පිටුව හරහා දේශීය වෛද්‍ය ක්‍රම හා ඒ හා බැදුණු තොරතුරු ආවරණය කිරීමට බලාපොරොත්තු වෙමු.