පොල් වතුර වල ගුණ
දිනය: 08 අප්‍රේල් 2023
ලිපිය: හෙළ අත් ඔසු
නැරඹුම්: 1084
![පොල් වතුර වල ගුණ](https://helaathosu.lk/uploads/1680969255.jpg)
පොල්වතුර විටමින් B, C, E, යකඩ, කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම්, සින්ක්, සෙලෙනියම්, අයඩින්, සල්ෆර්, ඇමයිනෝ අම්ල, කාබනික අම්ල රසායනය සහ ශාක හෝමෝන වැනි පෝෂක හා ප්‍රතිඔක්සිකාරක වලින් සපිරියි.
- මැග්නීසියම් අඩංගු නිසා දියවැඩියා රෝගයට හොඳයි.
- සයිටොකයින්ස් රසායන වර්ගය තිබෙන නිසා වයසට යාමේදී සිරුරේ ඇතිවන වෙනස්කම් අඩු කරනවා.
- පොල් වතුර වල අන්තර්ගත සෝඩියම්, පොටෑසියම් සහ මැග්නීසියම් වලින් මදසරුභාවය දුරුකර ලිංගික සක්‍රීයත්වය වැඩි කරනවා.
- පිළිකා කාරක ලෙස ඇති සෛල වලින් වන හානි වලින් වළකනවා.
- ලේ කැටි ගැසීමෙන් සිදුවන්න පුළුවන් විපර්යාස වලින් වළකනවා.
- ආහාර හොඳින් ජීරණය කිරීමට අවශ්‍ය එන්සයිම තිබෙනවා.
- රුධිරයේ අධික සීනිමට්ටම පාලනය කරයි.
- වකුගඩු ගල් සුව වීමට සහ මුත්‍රා ගල් විනාශවීම පහසු කරවයි.
- කොලෙස්ටරෝල් පාලනය කරයි.
- හෘද රෝග ඇතිවීම වළකයි.
- පොල් වතුර සමට මෙන්ම හිස් කබලට සහ හිසකෙස් වලට ගුණයි. සම සහ හිසකෙස් නිරෝගී කරයි.
- ඇසේ සුද ඇතිවීම වැළකීම සහ ඇස් පෙනීමද වර්ධනය කරනවා.
- ගර්භණී මව්වරුන්ට වමනය වැනි අපහසුතා දුරු කිරීමට මෙන්ම දරුවත් මවත් සෞඛ්‍ය සම්පන්න කිරීමට සමත් වේ.
- දරුවන්ට ලබා දෙන ප්‍රෝබයටික් (Probiotic) වල ගුණ තිබෙනවා.
- පොල් වතුර වල ජලය අධික නිසා සිරුර වියලීම වළකා සජලව තබා ගත හැකිය.
- බීමත් කෙනෙක් ප්‍රකෘති තත්වයට පත් කර ගැනීමට ද හැකිය.