පොල් වතුර වල ගුණ

පොල් වතුර වල ගුණ

දිනය: 08 අප්‍රේල් 2023 ලිපිය: හෙළ අත් ඔසු නැරඹුම්: 898
පොල් වතුර වල ගුණ

පොල්වතුර විටමින් B, C, E, යකඩ, කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම්, සින්ක්, සෙලෙනියම්, අයඩින්, සල්ෆර්, ඇමයිනෝ අම්ල, කාබනික අම්ල රසායනය සහ ශාක හෝමෝන වැනි පෝෂක හා ප්‍රතිඔක්සිකාරක වලින් සපිරියි.

 

  • මැග්නීසියම් අඩංගු නිසා දියවැඩියා රෝගයට හොඳයි.
  • සයිටොකයින්ස් රසායන වර්ගය තිබෙන නිසා වයසට යාමේදී සිරුරේ ඇතිවන වෙනස්කම් අඩු කරනවා.
  • පොල් වතුර වල අන්තර්ගත සෝඩියම්, පොටෑසියම් සහ මැග්නීසියම් වලින් මදසරුභාවය දුරුකර ලිංගික සක්‍රීයත්වය වැඩි කරනවා.
  • පිළිකා කාරක ලෙස ඇති සෛල වලින් වන හානි වලින් වළකනවා.
  • ලේ කැටි ගැසීමෙන් සිදුවන්න පුළුවන් විපර්යාස වලින් වළකනවා.
  • ආහාර හොඳින් ජීරණය කිරීමට අවශ්‍ය එන්සයිම තිබෙනවා.
  • රුධිරයේ අධික සීනිමට්ටම පාලනය කරයි.
  • වකුගඩු ගල් සුව වීමට සහ මුත්‍රා ගල් විනාශවීම පහසු කරවයි.
  • කොලෙස්ටරෝල් පාලනය කරයි.
  • හෘද රෝග ඇතිවීම වළකයි.
  • පොල් වතුර සමට මෙන්ම හිස් කබලට සහ හිසකෙස් වලට ගුණයි. සම සහ හිසකෙස් නිරෝගී කරයි.
  • ඇසේ සුද ඇතිවීම වැළකීම සහ ඇස් පෙනීමද වර්ධනය කරනවා.
  • ගර්භණී මව්වරුන්ට වමනය වැනි අපහසුතා දුරු කිරීමට මෙන්ම දරුවත් මවත් සෞඛ්‍ය සම්පන්න කිරීමට සමත් වේ.
  • දරුවන්ට ලබා දෙන ප්‍රෝබයටික් (Probiotic) වල ගුණ තිබෙනවා.
  • පොල් වතුර වල ජලය අධික නිසා සිරුර වියලීම වළකා සජලව තබා ගත හැකිය.
  • බීමත් කෙනෙක් ප්‍රකෘති තත්වයට පත් කර ගැනීමට ද හැකිය.
අනෙකුත් බ්ලොග් කිහිපයක්