කරපිංචා තේ

කරපිංචා තේ

දිනය: 15 අප්‍රේල් 2023 ලිපිය: හෙළ අත් ඔසු නැරඹුම්: 1215
කරපිංචා තේ

තේ වර්ග නම් විශේෂ කීපයක්ම තියෙනවා. ඒ අතරින් කරපිංචා තේ කියන්නේ විශේෂ ඖෂධීය තේ වර්ගයක්. මිහිරි රසයක් එහි අන්තර්ගත වේ.

 

මේ ඖෂධීය කරපිංචා තේ පානයේ ඇති ගුණාංග කීපයක්ම තියෙනවා.

 

1. රුධිර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනවා.
2. උෂ්ණ අධික ශරීරයට බෙහෙවින් ගුණදායක වේ.
3. කෙස් සඳහා ඉතාමත් ගුණාදායක වේ.

 

මෙවැනි ගුණාංග බොහෝ සේ මෙම පානය තුළින් ලැබේ. එසේම මෙම පානය දිනපතා පානයට සුදුසු නොවන අතර සතියට 2/3 පානය කිරීම සුදුසු ය.

 

සාදාගන්නා ආකාරය පහතින් දැක්වේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය :- 
1. වතුර අඬුකෝප්ප 2   🍵🍵
2. කරපිංචා ඉති 3   🌿🌿🌿

 

මුලින්ම වතුර ලිප තබා එය රත් වීගෙන එන විට කරපිංචා කොළ ටික එයට එකතු කරන්න.
ඉන්පසු විනාඩි 10 පමණ ලිප තබා (කරපිංචා කොළ අව පැහැයට එනතුරු තබා) ලිපෙන් බා පෙරා ගන්න.
ඉන්පසුව කරපිංචා තේ පානයට දෙහි බිංදු කීපයක් දමා පානය කරන්න. සීනී දැමීම සුදුසු නොවේ. සීනී නොමැතිව පානය කිරීමට හැකි ඉමිහිරි පානයකි.

 

සාදාගන්නා තවත් ක්‍රමයක් :-

 

කරපිංචා කොළ හොඳින් සෝදා වියලා කුඩු කර සුළං නොවදින සේ තබා ගෙන අවශ්‍ය වූ විට භාවිතයට ගත හැකිය.
හොඳින් පැසුනු වතුර කෝප්ප 2 ක් ගෙන කරපිංචා කුඩු දමා විනාඩි 10 තැම්බෙන්න වසා තබන්න.
තැම්බුනු පසු පෙරා දෙහි බිංදු කීපයක් දමා පානය කළ හැකිය.
ඉතාමත් ගුණදායක ඖෂධීය පානයකි.

අනෙකුත් බ්ලොග් කිහිපයක්